2014-10-24

වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug



මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක් එක්ක ඔලුවේ ඒ පැත්ත රිදෙනව , එක්කො කන පිටි පස්සේ රිදෙනව , නැත්තං ඉස්මුදුන රිදෙනව ඉන්ඩ බැ , එක්කො නලල පැලෙන්ඩ එනව , එක්කෝ බෙල්ල පටන් ගන්න හරියෙන් ඔලුව රිදෙනව , සමහරක් වෙලාවට ඔලුව කෙලින් තියාගන ඉන්ඩ බැ පුදුම බරගතියක් දැනෙන්නේ , එහෙමත් නැත්තං එකපාරටම ඔලුව දිගේ කරන්ට් එකක් දුහනව වාගේ එහෙම වෙනකොටනං ඉන්ඩම බැ එකතැන ගල්ටික් වෙනව , එක්කො කන්දෙක ඇහෙන්නේ නැ අගුල් වැටිල.

                                               

 කොච්චර කාලයක්නං මං මේ ලෙඩෙන් බැට කනවද , සිංහල වෙද මහත්තුරුන්ගෙන් බෙහෙත් ගත්තහම හොදට අප්පච්චියේ , ලෙඩෙන් බැටකනවට වඩා අමාරුයි , කියන වතාවත් කොරන්ඩ ගියහම රස්සාවක් කොරගන්ඩ බැරි විදිහටම හිර වෙනව , ලෙඩේ නිට්ටාවටම සුව වෙනව කියල තමයි කියන්නේ ඒ උනාට එතකං සතියක් දෙකක් රස්සාව කරගන්ඩත් බැ , ඊට හපන් බෙහෙත් හැදිල්ල ,  එතනින් ගියහම බෙහෙත් සරීරගත කිරිල්ල , ඔක්කොමත් හරි වෙද මහත්තය කියනවිදිහට පේවෙලා ඉන්න එකනේ කොරන්ඩම බැරි වැඩේ.

2014-10-07

හරක්මස්



‘‘සර් මම මේ කතා කරන්නේ ජයසිංහ රාලහාමිගේ මල්ලි ‘‘

‘‘ මොන ජයසිංහද ‘‘

‘‘ ඇල්ලේවෙල ජයසිංහ .....සර් ...වරකපලට මාරුවෙලා ගියේ ....එයාගේ මල්ලි ‘‘

‘‘ අප්පට සිරි මල්ලියා කියහං ..මොකද බං මේ වෙලාවේ ‘‘

‘‘ සර් මං මේ ගමනක් ගිහින් යාලුවෙක් එක්ක එනගමන් රැ උනා කෙටිපාර හන්දා තේක්ක කැලේ මැද්දෙන් පැනගන්ඩ ආවේ , කැලේ අස්සේ සද්දයක් ආවට බැලුවහම වැන් එකකට හරක්  පටවනව ‘‘

‘‘ වැන් එකකට ‘‘

‘‘ ඔව් සර් හයිරූප් එකක් වැඩිය කතා කරකර ඉන්ඩ බැ ...........‘‘

‘‘ බලහං නොම්බරේ ‘‘

‘‘ නොම්මර බලන්ඩ ලං වෙන්ඩ බැ සර් ...අපිව මාට්ටු වෙයි .......එතන කට්ටි තුන්දෙනෙක් ඉන්නව ...ලොකු උන් දෙන්නෙක් පැටෙව්වා , තව පැටියයි මහ එකයි ඉන්නව ....... සර්ල ඉක්මනට බටපැලැස්ස හන්දිය පහු කරල ඇල්ලේවෙල පාරේ ආවොත් උන්ට වෙන යන්ඩ පාරක් නැ , මුනටම මාට්ටු වෙනව ‘‘

‘‘ මං මේ තේ එකක් බොන්ඩ නයිට් කඩේට ඇවිත් ඉන්නේ අපි ටක් ගාල එන්නං , උඹල ඔහොම හිටහල්ලා ‘‘

‘‘ අපිට සීන් එකට පේස් කරන්ඩ බැ සර් ගමේ එකෙක් ඉන්නව , අනික සර්ල එනකොට උන් මෙතනින් අනිවා පිටවෙනවා , අපි යන්නං සර්ල එන්න ‘‘

‘‘ හරි හරි එහෙනං පලයං ..., ෆෝන් ඒක ඕප් කරන්නේ නැතුව තියාගනින්‘‘

‘‘ හරි සර් එහෙනං ජයවේවා ‘‘

‘‘ එයි කොල්ලෝ ............ඉක්මනට සිකරට් දහය අරගන ඇවිත් මේ විදුරු ටික අරන් පලයං ‘‘

‘‘ හරි සර් මේ එනව ‘‘

‘‘ යකෝ උඹ තාම කනවද .... ඔය  %ත්ත  ඉක්මනට කාල මේ @යිය ඉස්ටාට් කරල ගනිං ‘‘

ඉතිරිව තිබු බිත්තර රොටී කෑලි කිහිපය හනිකට කටට ඔබාගත් පොලිස් රියැදුරා දෙකකුල් මැදින් තබාගන හුන් ප්ලේන්ටියෙන් උගුරු දෙකක් ගිලදමා වේටර් කොලුවාට පිගාන සහ ප්ලේන්ටිය දී ජිප් රථය පනගන්වා ගත්තේය

‘‘ යමන් ඉක්මනට ඇල්ලේවෙල පාරට ‘‘

2014-10-02

රාහු ගිල්ල ආදරේ

'' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද ''

'' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ  උදෙත් ඇහැරෙව්වා ''

'' පුදුම නින්දක්නේ මේක , ගෙදර හිටියොත් බුදි , තමුසෙ කොල්ලෙක් නේද ....ගේ අස්සට රිංගගන ඉන්නේ නැතුව ටිකක් එලියට පහලියට බැහැල ඇවිදිනවකෝ ''

'' මං කොහේ යන්ඩද ..............වදදෙන්නේ නැතුව ගිහින් එක්ක එනව ''

'' මොනවද මල්ලි එහෙම උදව්ක්වත් කරනවකෝ ................ඔය කම්මැලිකම හන්ද තමයි තමුසෙට තව කෙල්ලෙක්වත් යාලු කරගන්ඩ බැරි උනේ ''

'' අම්මෝ මේ ...ඔන්න අදත් පටන්ගන්ඩයි යන්නේ .......ගෑනු නං එපා ''

'' මේ අර බොරලැස්ගමුවේ ළමයගේ ගෙදරින් කතා කරා කියල අම්මා කියුවා ..........ඒ ළමයත් තමුසෙ වගේ බලන හැම එකටම බැ කියකිය ඉදලා එදා අපි ගිය දවසේ රෑම කැමතියි කියුවලු , නිකං බොරුවට මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා මඩවන්නේ නැතුව මේකටවත් කැමති වෙලා පිලිවලක් වෙනවා''

එතෙක් වේලා මුනින්  අතට කොට්ටයට මුහුන හංගාගන නිදා උන් සිදත් , ඇද කොනේ හිදගන තමන්ගේ දකුනු කකුලේ ගනව වැඩුනු රෝම කූපයන් සියුම් වේදනාවක් නැගෙන ලෙස අදිමින් උන් සොහොයුරියගෙන් පය මුදවාගන ඇද විට්ටම මතට කොට්ටය විසිකර ඒ කොට්ටයට පිට තද කරමින්

'' අනේ මේ ..ලොකු ..අක්කේ මට වද නොදි ඉන්නව ''

'' නිකං පලක් නැති විකාර වැඩ කරන්ඩ එපා මල්ලි .................තමුසේ බදින්නේ නැත්තං ඒක කෙලින්ම කියල ..අපිව රස්තියාදු නොකර නිකං ඉන්නව .............අර අම්මටයි තාත්තටයිත් වද දිදි රට ව‍ටේ ගෙවල් ගානේ ඇවිද ඇවිද කකා බිබි , මොනවද මේ කරන්නෙ ''



'' ඔය හැම එකකටම මම යන්ඩ බෑ කියද්දි කවුද මාව ඇදගන ගියේ ............ගෙදර ඉන්දැද්දි චුටි අක්කා හැමතැනම දැක්කුවා , මෙහෙට ආපුවහම ඔයා ''

'' හරි දැන් එතකොට කවදාවත් තමුසේ බදින්නේ නැද්ද ''

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>