ලසන්ත මගේ පරණ මිත්තරයෙක් . දැනටත් හම්බුනහම එන්නං මචං යන්නං මචං කියලා යනවා.ඒ දවස්වලනං ඌට මට වඩා එකෙක් හිටියේ නැ , දැන්නං ඌ මට වඩා හොදට ඉන්න හින්දද , මම මජං නාගන ඉන්න හන්දාද මන්දා ''එන්නං මචං යන්නං මචං'' වෙලා.
ඒ උනාට ඉස්සර එහෙම නැ .
මම අදුරන ගෙදරක් හිතවත් කමට වයරින්ග් කරලා දිලා . ඒ මනුස්සයා මට දුන්න රුපියල් දාහෙන් හොද කලිසමක් නෑනේ කියලා හිතලා මම මහගත්ත කලිසමත් , ගෙදර අරගන එන ගමන් ඕකට දුන්නා,
''කොහෙද බං ගියේ''
''කලිසමක් මහන්ඩ දුන්නා ඒක ගේන්ඩ''
''උඹ දෙයියෙක්නේ බං මම මේ කාගෙන්ද කලිසමක් ඉල්ලා ගන්නේ කියලා හිත හිතා උන්නේ''
''අනේ පල ඩෝ යන්ඩ , මටත් අදින්ඩ කලිසමක් නැති හන්දා මේක මැහුවේ , මම එක දවසක් වත් අදින් නැතුව උඹට දෙන්ඩ . එහෙනං නාලා වරෙන්''
''එහෙම කරන්ඩ එපා බං මම දැන් දවස් ගානක් එකම කලිසම ඇදගෙන ගියා අරකිව බලන්ඩ, ඔය කලිසම හෝදන්නේ නැද්ද කියලත් ඇහුවා, මම ඒ කලිසමට කැමතියි කියලා ෂේප් උනා, මම හෙට විතරක් ඇදලා දෙන්නං දියංකෝ''